පළිගන්නවා: හමාස් කියයි
තම නායක ඉස්මායිල් හානියේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්රායලයෙන් පළිගන්නා බව, හමාස් දේශපාලන අංශ සාමාජික මූසා අබු මර්සුක්, හමාස් සංවිධානය වෙනුවෙන් ප්රකාශයක් නිකුත් කර තිබේ.
හමාස් සංවිධානය දේශපාලන අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විත අතර, දේශපාලනික අංශයේ නායකයා ලෙස කටයුතු කළේ ඉස්මායිල් හානියේය. ‘ඊශ්රායලය කළේ මහ බියගුලු ක්රියාවක්. ඊශ්රායලයට කිසිදු සමාවක් දෙන්න අප සූදානම් නැහැ.’ යැයි අබු මර්සුක් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වී තිබේ.
(ඒ.එෆ්.පී.)