නීතිවිරෝධි පුද්ගලයින් අල්ලයි



කුවේටය තුළ නීතිවිරෝධී ආකාරයෙන් රැඳි සිටින පුද්ගලයින්ව අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

නේවාසික නීති උල්ලංඝනය කරමින් කුවේටය තුළ රැඳී සිටින පුද්ගලයින්ව අත්අඩංගුවට ගැනීමට පෙර මාර්තු 14 සිට ජුනි 30 දක්වා සහන කාලයක් ලබාදීමට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කටයුතු කළේ ය.

නීති උල්ලංඝනය කරන්නන්ට නීතිරීතිවලට අනුව දඩ මුදලක් ගෙවීමෙන් නීත්‍යානුකූලභාවය සකස් කරගත හැකි බවට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කළේ ය.

නියෝජ්‍ය අග්‍රාමාත්‍ය, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය ෂෙයික් ෆහාඩ් යූසුෆ් සවුඩ් අල්-සබාගේ නියෝගවලට අනුව අභ්‍යන්තර උප-ලේකම් ලුතිනන් ජෙනරාල් ෂෙයික් සලීම් නවාෆ් අල් අහමඩ් අල් සබා මෙම මෙහෙයුම්වලට නායකත්වය ලබාදෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
‍(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS