තවත් කුරාණ ගිනි තැබීම්



ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර ඊජිප්තු සහ තුර්කි තානාපති කාර්යාල ඉදිරිපිට ද ශුද්ධ වූ කුරානයේ පිටපත් ගිනි තබා ඇතැයි වාර්තා වේ.

කුරානයේ පිටපත් ගිනි තැබීම සිදු කරන්නේ ‘ඩෙන්මාර්ක දේශප්‍රේමීන්’ නමැති සුදු ජාතිකයන්ගෙන් සමන්විත දක්ෂිණාංශික අදහස් ඇති අන්තවාදී සංවිධානයයි.

මොවුන් කුරානයේ පිටපක් ගිනි තැබිම සිදු කරන්නේ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඩෙන්මාර්කයේ ඇති අයිතිය තහවුරු කරමිනි. ඩෙන්මාර්ක රජය හෝ පොලිසිය හෝ ඔවුන්ට බාධා නොකළ බව ද පැවැසෙයි.

මීට පෙර කෝපන්හේගන් නුවර ඉරාක තානාපති කාර්යාලය ඉදිරිපිට ද කුරානයේ පිටපත් ගිනි තැබීම සිදුවිය.

මෙම සිදුවීම් මේ වනවිට මුස්ලිම් රටවල දැඩි විරෝධයට හේතුවක් වී ඇතැයි ද වාර්තා වේ.


RECOMMEND POSTS