ඩ්‍රෝනා තුනක් විනාශ කර දමයි



යේමනයේ හවුති ගරිල්ලන් දියත් කළ ඩ්‍රෝනා යානා තුනක් විනාශ කර දමා ඇති බව වාර්තා වේ.

යේමනයේ සිටින සෞදි සන්ධන හමුදාව ඩ්‍රෝනා යානා තුන විනාශ කර දැමීමට කටයුතු කර තිබේ.

හවුති ගරිල්ලන්ගේ ඩ්‍රෝනා යානා දියත් කිරීම අරාබි පාර්ලිමේන්තුව, ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය සහ බහරේන් විදේශ අමාත්‍යංශය දැඩි ලෙස හෙළා දැක ඇත.

සෞදි අරාබියේ දකුණුදිග ප්‍රදේශවල සාමාන්‍ය ජනතාවට සහ දේපළවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඩ්‍රෝනා යානා පැමිණ ඇති බව සෞදි සන්ධාන හමුදාව ප්‍රකාශ කරයි. 

හවුති ගරිල්ලන්ගේ ක්‍රියාකලාපය සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බවත්, බහරේනය සෞදි අරාබියේ ආරක්ෂාව වෙනුවෙන් කැප වී සිටින බව බහරේන් විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS