ඔටුන්න හිමි කුමරුට ආරක්ෂක ඇමතිකම



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටූම් පත් කර ඇති බව වාර්තා වේ.

පුළුල් කැබිනට් සංශෝධනයක් කිරීමේ අරමුණින් ඔටුන්න හිමි කුමරුව ආරක්ෂක ඇමති ලෙස ඩුබායි පාලක සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අගමැති, ෂීක් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටූම්  පත් කර ඇත.

2008 වසරේ සිට ඩුබායි හි ඔටුන්න හිමි කුමරු ලෙස කටයුතු කරන 41 හැවිරිදි ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටූම් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැතිවරයෙකු ලෙස ද නම් කළේ ය.

“ෆාසා“ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ෂෙයික් හම්දාන් ඩුබායි හි පාලක පවුලේ ජනප්‍රිය සාමාජිකයෙකු වන අතර, Instagram සමාජ ජාලයේහි අනුගාමිකයින් මිලියන 16.4 ක් සිටීයි.

ජානක ප්‍රියදර්ශන ජයතික
(GDNOnline - ඩුබායි නුවර)

RECOMMEND POSTS