ඔටුන්න හිමි කුමරු - ෂෙයික් සබා



කුවේට් අමීර්, ෂෙයික් මෙෂාල් අල් අහමඩ් අල් ජාබර් අල් සබා ඔටුන්න හිමි කුමරු ලෙස ෂෙයික් සබා අල් කාලිඩ් අල් සබා නම් කර ඇති බව වාර්තා වේ.

කුවේට් අමීර්වරයාගේ නියෝගය නිකුත් කරන දින සිට බලාත්මක වන අතර එය නිල ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

ෂෙයික් සබා මීට පෙර 2019 සිට 2022 දක්වා අගමැති ලෙස කටයුතු කර ඇති අතර,පසුවඔහු ඉල්ලා අස්විය.

2019 දී අගමැති වීමට පෙර ඔහු 2011 සිට වසර අටක පමණ කාලයක් විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

1953 දී කුවේට් හි උපත ලද ඔහු 1977 දී කුවේට් විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS