ඊශ්‍රායලය ගාසා නගරයේ සියලුම දෙනාට යන්න කියයි



හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් හමුදා මෙහෙයුම් ආරම්භ කරන බැවින්, ගාසා තීරයේ, ‘ගාසා සිටී’ නගරයේ වෙසෙන සියලුම පලස්තීනුවන්ට වහා නගරයෙන් ඉවත් වෙන්නැයි ඊශ්‍රායලය දැනුම් දී තිබේ.

ඊශ්‍රායල හමුදා මෙම දැනුම්දීම කර ඇත්තේ ගුවනින් පත්‍රිකා බෙදමිනි. ඊශ්‍රායල හමුදා සහ බුද්ධි අංශ පවසන්නේ, හමාස් සටන්කාමීන් සහ නායකයන් ‘ගාසා සිටී’ නගරයේ මෙහෙයුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යන බැවින්, ඔවුන් ඉලක්ක කර ගනිමින් පහර දෙන බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS