Flydubai ඉස්ලාමාබාද් සහ ලාහෝර් යයි



Flydubai ගුවන් සමාගමට අයත් ගුවන්යානා පකිස්තානයේ ඉස්ලාමාබාද් සහ ලාහෝර් නගර වෙත පියාසර කරන බව වාර්තා වේ.

2024 ජූලි 01 වන දින සිට ඉස්ලාමාබාද් සහ ලාහෝර් නගර වෙත ගුවන්යානා පියාසර කරන අතර, ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොල පර්යන්ත 02 සිට ක්‍රියාත්මක වේ.

ප්‍රථම වරට Flydubaiගුවන් සමාගම පාකිස්තානයට ගුවන් ගමන් ආරම්භ කළේ 2010 වසරේ කරච්චි වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමඟය.

ඉස්ලාමාබාද් සහ ලාහෝර් වලට අමතරව, ෆයිසලාබාද්, කරච්චි, මුල්තාන්, ක්වෙටා සහ සියල්කොට් වෙත ද ගුවන් සේවා සපයයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ඩුබායි නුවර)

RECOMMEND POSTS