17 වන සහන ගුවන් යානය ලෙබනනයට
සෞදි අරාබියේ 17 වන සහන ගුවන් යානය සහනාධාර රැගෙන බේරූට්-රෆික් හරිරි ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි බව වාර්තා වේ.
යුද්ධයෙන් අවතැන් වී සිටින ජනතාවට බෙදාදීම සඳහා ආහාර, නවාතැන් සහ වෛද්‍ය ආධාර වැනි අත්‍යවශ්‍ය මානුෂීය සැපයුම් එම ගුවන්යානයෙන් රැගෙන ගොස් ඇත.
මෙම සහනාධාර සල්මාන් රජු මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය මඟින් බෙදාහැරීමේ කටයුතු සිදුකරයි.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)