හිස්බුල්ලගෙන් ඊශ්‍රායලයට මිසයිල වරුසාවක්



ඊශ්‍රායලය, යුදෙව් ආගමේ ශුද්ධ වූ දිනයක් ලෙස සැලකෙන යොම් කිප්පුර්දා සැමරීම සිදුවෙද්දී‍්, හිස්බුල්ලා සංවිධානය මිසයිල 320 කට වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින් ඊශ්‍රායලයට ප්‍රහාර මාලාවක් එල්ල කළ බව එරට ආරක්ෂක හමුදාව පැවැසුවේය.

එම මිසයිලවලින් බොහොමයක් මිසයිල ආරක්ෂණ පද්ධතිය විසින් විනාශ කරනු ලැබූ බවත් අනෙක් මිසයිල විවෘත ප්‍රදේශවලට එල්ලවූ බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය. එහිදී ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් විනාශ කරනු ලැබූ මිසයිල කැබලි වැටී උතුරු ඊශ්‍රායලයේ ඇක්රේ නගරයේ සිවිල් වැසියන් දෙදෙනෙකු තුවාල ලැබූ බවද ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවැසුවේය.

හමාස් සංවිධානයේ ඩ්‍රෝන යානා දෙකක් හයිෆා නගරයට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි බවත් එම යානා දෙක සාර්ථකව විනාශ කර දැමීමට හැකියාව ලැබුණු බවත්  ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය. හයිෆා නගරයට පමණක් නොව මිසයිල උතුරු ඊශ්‍රායලයේ නගර කීපයකට එල්ල වුනු බවද ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවැසුවේය.

ඊශ්‍රායල ජාතිකයන් පසුගිදා යොම් කිප්පුර් සමරනු ලැබුවේය.

කෙසේ නමුත් යොම් කිප්පුර් මිසයිල ප්‍රහාරයෙන් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පෙන්වනවාට වඩා වැඩි හානියක් ඊශ්‍රායලයට සිදුව ඇති බවත් අවම වශයෙන් ඊශ්‍රායල ජාතිකයන් 12 දෙනකු ඉන් තුවාල ලබා ඇති බවත් යුද විශ්ලේෂකයෝ ප්‍රකාශ කළහ.


RECOMMEND POSTS