සටන් විරාමයකට උනන්දුවක් නෑ



ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සටන් විරාමයකට ගොස් ලෙබනන් සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කරන්නැයි ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල්, ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඊශ්‍රායල හමුදාවට අණ දී ඇත්තේ, ලෙබනන් හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් සම්පූර්ණ හමුදා ශක්තිය යොදවා පහර දෙන ලෙසටය.

සටන් විරාමයකට ගොස් ලෙබනන් සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කරන්නැයි ඊශ්‍රායලයට බල කළ සෙසු රටවල් වන්නේ එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමයට අයත් රටවල්ය.

ඊශ්‍රායලයේ මෙම ක්‍රියා කලාපය ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ දැඩි කනස්සල්ලට පත්ව ඇතැයි ද මාධ්‍ය වාර්තා අවධාරණය කර තිබේ.

මේ වනවිට පසුගිය පැය 24 තුළ පමණක් දකුණු ලෙබනනයට ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් ලෙබනන් වැසියෝ 90 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි

(ඒ.එෆ්.පී)


RECOMMEND POSTS