මුබාරක් අල්-කබීර් රෝහලේ ගින්නක්



කුවේටයේ මුබාරක් අල්-කබීර් රෝහලේ ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ.

ගිනි නිවන භටයින් විසින් ගින්න පාලනය කර ඇති අතර, සඳුදා (ජුලි 15) අලුයම රෝහලේ හටගත් ගින්නෙන් තුවාලකරුවන් වාර්තා නොවූ බව කුවේට් ගිනි නිවන හමුදාව පවසයි.

සියලුම රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගීන් ආරක්ෂිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය අබ්දුල්ලා අල්-සනද්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය පැවසීය.

වෛද්‍ය සේවා අඛණ්ඩව සිදුවන බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS