භූමිකාම්පාවෙන් අවතැන්වුවන්ට ආධාර



සිරියාවට බලපෑ භූමිකම්පාවෙන් අවතැන් වු පුද්ගලයින්ට ආහාර මලු ලබාදීමට සෞදි අරාබිය කටයුතු කර ඇති බව වාර්තා වේ.

සිරියාවේ ඉඩ්ලිබ් ආණ්ඩුකාර ප්‍රදේශයේ හැරම් නගරයේ පුද්ගලයින් 2,820ක් සඳහා ආහාර මලු 470ක් ලබාදී ඇති අතර, සනීපාරක්ෂක කට්ටල 470 ක් ද බෙදා දී ඇත.

ලොව පුරා අවශ්‍යගා ඇති මිනිසුන්ට සෞදි අරාබිය ලබාදෙන මානුෂීය ආධාරවල කොටසක් ලෙස මෙම ආධාර තොගය සල්මාන් රජු මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය(KSrelief)  ලබාදෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

RECOMMEND POSTS