ප්‍රහාරයට මුහුණ දුන්නා



ඊශ්‍රායලය එල්ල කළ ප්‍රතිප්‍රහාරය සාර්ථකව මැඩ පැවැත්වූ බවත් කෙසේ වෙතත් ඉන් සීමිත හානියක් සිදුවූ බවත් ඉරාන ජාතික ගුවන් ආරක්ෂණ මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ටෙහෙරාන්,කුසෙස්තාන් සහ ඉලාම් පළාත්වල හමුදා ඉලක්ක වෙත ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රහාර එල්ල කළත් ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධතියට ඒ සඳහා සාර්ථකව මුහුණදීමට හැකියාව ලැබුණු බව එම මුලස්ථානය පැවැසුවේය.

ඉරානයේ හමුදා ඉලක්ක 20 කට පමණ ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළත් එය නිවැරැදි නොවන බවද ජාතික ගුවන් ආරක්ෂණ මුලස්ථානය සඳහන් කළේය.

කෙසේ වෙතත් ප්‍රහාරයෙන් සිදුවූ හානියේ බරපතළකම ඇස්තමේන්තු කිරීම සඳහා විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව එම මුලස්ථානය පැවැසුවේය.

මේ අතර ඊශ්‍රායලය ඉරානය ප්‍රහාර එල්ල කිරීම සඳහා ආරම්භ කළ මෙහෙයුමට ප්‍රහාරක ගුවන් යානා 100 කට ආසන්න සංඛ්‍යාවක් යොදා ගෙන ඇති බවත් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට ප්‍රථමයෙන් සිරියාවේ රේඩාර් පද්ධති වෙත ප්‍රහාර එල්ල කර ඉරානයේ ගුවන් ආරක්ෂණ පද්ධතිය අඩපණ කර ඇති බවත් ජෙරුසලම් පෝස්ට් පුවත්පත වාර්තා කළේය.


RECOMMEND POSTS