පළමු රටඉදි අස්වැන්න නෙලයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සිය පළමු රටඉදි අස්වැන්න නෙලීම උත්සවාකාරයෙන් සැමරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

රටඉදි අස්වැන්න නෙලීම දේශීයව "ටබෂීර් අල්-රුටාබ්" ලෙස හැඳින්වේ.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජනතාව සහ රට ඉඳි අතර ඵෙතිහාසික බැඳීමක් ඇති අතර,මෙම බැඳිම දිගු ඉතිහාසයක ආදරය හා ගෞරවයේ ප්‍රතිඵලයක් ද වේ.

එය ඔවුන්ගේ මුතුන් මිත්තන්ට මෙන් අදටත් ඔවුන්ගේ ජීවිතවල වැදගත් සංකේතයකලෙස පවතියි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - අබුඩාබි නුවර)

RECOMMEND POSTS