කතුන්ගේ ඡායාරූප ගත් අයෙක් දැලේ



ඇල්ජීරියානු ජාතිකයෙකු අනවසරයෙන් කාන්තාවනගේ ඡායාරූප ගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඇල්ජීරියානු ජාතිකයා සතුව තිබී අනවසරයෙන් ලබාගන්නා ලද ඡායාරූප 7,000ක් පමණ සොයා ගෙන ඇත.

පොදු ස්ථානවල සහ පොදු ප්‍රවාහනයේදී සෑම වයස් කාණ්ඩයකම කාන්තාවන්ගේ ඡායාරූප ලබාගෙන ඇති බවත්, අදාල ඡායාරූප ගුරුකම් සඳහා භාවිතා කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

මන්තර ගුරුකම් කිරීම මෑතකදී ඇල්ජීරියාවේ අපරාධයක් බවට පත් කර ඇත.

සැකකරුට වසර හතක උපරිම සිර දඬුවමක් නියම කරන ලෙස පැමිණිල්ල ඉල්ලා සිටියි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ඇල්ජිරියස්)

RECOMMEND POSTS