ඕනෑම ආකාරයේ සාම වැඩපිළිවෙළකට කැමතියි



කලාපයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කරන ඕනෑම ආකාරයේ සාම වැඩපිළිවෙළකට ඉරානය කැමැත්ත පළ කරන බවත්, ඉරානයේ සහාය එම සාම වැඩපිළිවෙළට හිමිවන බවත් ඉරාන ජනාධිපති මොහොමඩ් පෙසෙෂ්කියන් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සමඟ පවසා ඇත.

ඉරාන ජනාධිපති මොහොමඩ් පෙසෙෂ්කියන්, ප්‍රංශ ජනාධිපති මැක්රොන්ට මෛස් පැවැසුවේ, දෙදෙනා අතර දුරකතන සන්වාදයක් පැවැති අවස්ථාවේදීය. 

ගාසා තීරයට ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම, ඊශ්‍රායල හමුදා ලෙබනනයට පහර දීම සහ දකුණුදිග ලෙබනනයේ පළාත් ආක්‍රමණය කිරීම, හිස්බුල්ලා සටන්කාමීන් සමඟ ගොඩබිම් සටන් ආරම්භ කිරීම ආදිය සම්බන්ධයෙන් පෙසෙෂ්කියන් සහ මැක්රොන් අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS