එමිරේට්ස් රාජ්‍යයත් කටාරයත් තානාපති සබඳතා තරකර ගනී
වසර 6 කට පසු යළිත් වරක් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ කටාර් රාජ්‍යය අතර තානාපති සබඳතා ආරම්භ වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළ අන්දමට කටාර් තානාපති කාර්යාලය අබුඩාඩි නුවරත්, කටාර් කොන්සල් කාර්යාලය ඩුබායි නුවරත් ආරම්භ කළ බවය. කටාර් රාජයයේ දෝහා නුවර එමිරේට්ස් තානාපති කාර්යාලයේ කටයුතු ආරම්භ විය.
රටවල් දෙකේ විදේශ අමාත්‍යවරුන් දුරකතන ඔස්සේ සම්බන්ධ වී තානාපති සබඳතා යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් එකිනෙකාට සුබ පැතූ බව ද වාර්තා වේ.
2017 දී සෞදිය සහ කටාර් රාජ්‍යය අතර අර්බුදයක් නිර්මාණය විය. සෞදිය කටාර් රාජ්‍යය හුදෙකලා කරමින් සම්බාධක රැසක් පැනැවීය. ඒ, කටාර් රාජ්‍යය ත්රස්තවාදයට අනුග්‍රහය දක්වනවා යැයි චෝදනා නගමිනි.
සෞදියට සහාය පළ කරමින් බහරේනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ද කටාර් රාජ්‍යය සමඟ අමනාප වී එරට සමඟ සබඳතා නැවැත්වීය. දැන් සෞදිය ඇතුළු සෙසු රටවල් යළි කටාර් රාජ්‍යය සමඟ මිතුදම් වර්ධනය කරගෙන තිබේ. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ කටාර් රාජ්‍යය අතර යහපත් සබඳතා වර්ධනය වූයේත් ඒ අනුවය.