ඊශ්‍රායල ප්‍රහාරයෙන් සිරියාවේ පහක් මරුට



මධ්‍යම සිරියාවට එල්ල වුණු ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 19 ක් බව පැවැසෙයි.

මිසයිල ප්‍රහාරය එල්ල වූයේ ‘මස්යාෆ්’ නමැති නගරයටය. ප්‍රහාරයෙන් ගොඩනැගිලි සහ නිවාස රැසකට හානි සිදුවුණු බව ද පැවැසෙයි.

ඊශ්‍රායල ලෙබනන් දේශසීමාවේ සිට සිරියානු හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා තවත් මිසයිල කීපයක් සිරියාවට එල්ල වුණු බවත්, එම මිසයිල පහර දී විනාශ කිරීමට තම ගුවන් හමුදාව සමත් වූ බවත් සිරියානු රජය වැඩි දුරටත් පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS