සෞදියේ නැගෙනහිර කලාපයට ළඟදීම ශ්‍රී ලංකා පාසලක්



සෞදි අරාබියේ නැගෙනහිර කලාපයට (දමාම්) මෙතෙක් අඩුවක්ව පැවති ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල ඉදිරි මාසය ඇතළලත ආරම්භ කිරීමට බොහෝ දුරට ඉඩකඩ  ඇතැයි පසුගියදා අල් කොබාර් ක්ලැසික් හෝටලයේ පැවති දෙමාපිය සහ මාධ්‍ය හමුවකදී අනාවරණය විය.

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති මොහොමඩ් අස්මි තාසිම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්චාව සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා පාසලෙහි අධ්‍යක්ෂ මණ්ඩලය සහ විධායක කොමිටිය මගිනි.

මෙම හමුවේ  ප්‍රධාන තේමාව ලෙස සාකචඡාවට බදුන් වුයේ සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ වෙසෙන ශ්‍රී ලාංකික දරු දැරියන් වෙනුවෙන් මෙතෙක් විශාල අඩුවක්ව පැවති ශ්‍රී ලංකා පාසලක් ආරම්භ කිරීමය.  දැනටමත් ඉදිකිරීම් කටයුතු බොහෝ දුරට නිමවෙමින් පවතින ශ්‍රී ලංකා පාසල ඉතා කෙටි කාලයක් තුළ ආරම්භ කිරීම උදෙසා දෙමාපියන් ඇතුළු සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව දැනුවත් කිරීම සහ ඒ සදහා ලබාදිය හැකි උපරිම සහයෝගය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණි.

සෞදි අරාබියේ  රියාද් සහ ජෙඩා මෙන්ම නැගෙනහිර කලාපයටත් (දමාම්)  ශ්‍රී ලංකා පාසලක් ආරම්භ කිරීමට හැකිවීම ගැන  ශ්‍රී ලාංකිකයින් ලෙස අපි සතුටු විය යුතු අතරම ඒ සදහා පුර්ණ අනුමැතිය ලබාදුන්  සෞදි රජයට අපේ ස්තුතිය පුද කළ යුතු බවත්  මෙම පාසල රැක ගැනීම සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ වගකීමක් බවත්  ඒ සදහා සියලුම ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ශක්තිය සහ සහයෝගය අත්‍යාවශ්‍ය කරුණක් බවත්  ආරම්භක දේශනය පවත්වමින් ශ්‍රී ලංකා තානාපති මොහොමඩ් අස්මි තාසිම් මහතා පැවසුවේය. කෙසේ වුවද නුදුරු දිනකදීම ආරම්භ කෙරෙන මෙම පාසල සදහා  ශ්‍රී ලංකා රජය වෙනුවෙන් තම පුර්ණ අනුමැතිය සහ දායකත්වය මේ වනවිටත් ලබාදී ඇති බවත් සදහන් කළ ඔහු  ඉදිරියේදීත් තම සහයෝගය සහ ශක්තිය නොඅඩුව ලබාදෙන බවත් වැඩිදුරටත් පැවසිය.

අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් මොහොමඩ් නවුෆර් මහතා කතාකරමින් පැවසුවේ ක්‍රේම්බ්‍රිජ්  ප්‍රාථමික පාඨමාලාවට සමාන්තරව සැකසුන ශ්‍රී ලංකාවේ ඕනෑම පාසලකට තම දු දරුවන් ඇතුළත් කිරීමට හැකි පාඨමාලාවක් මෙම පාසල මගින් හදුන්වාදෙනු ලබන බවත් පුර්ණ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මෙම පාසලෙහි සියලුම අධ්‍යාපන කටයුතු සිදු කරන බවත්ය. මේ වන විටත් ශ්‍රී ලාංකික  දරු දැරියන් සියයකට අධික සංඛ්‍යාවක් අයදුම් පත් ඉදිරිපත් කර ඇති බව සදහන් කළ ඒ මහතා ශ්‍රී ලාංකික දරු දැරියන්ට අමතරව ආසියාතික දරු දැරියන්ද අයදුම් පත් ඉදිරිපත් කිරීමේ ප්‍රවනතාවයක් දැක ගත හැකි බවය. කෙසේ වුවද ප්‍රමුඛස්ථානය හිමිවනුයේ ශ්‍රී ලාංකිකයින් හට බව ඔහු පැවසිය. ඔක්තෝබර් මාසයේ අග භාගය වනවිට පාසලෙහි ආරම්භක කටයුතු සිදු කිරීමට බොහෝ දුරට ඉඩ කඩ ඇති බවත් ඒ මහතා පැවසිය

මේ අතර මෙම පාසල්හි ඉගනුම ලබන සිසු දරුවන් වෙනුවෙන් කාල සටහන්,පාසල් වාර,ප්‍රවාහන පහසුකම් ඇතුළු අනිකුත් කටයුතු පිලිබදව සාකච්චාවට ලක්විය.

පැමිණ සිටි දෙමාපියන් විසින් වාචිකව අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම අධ්‍යක්ෂ මොහොමඩ් අමීර්,අධ්‍යාපන අධ්‍යක්ෂ මොහොමඩ් නවුෆර්,මුල්‍ය අධ්‍යක්ෂ නසුරුල්ලා යන මහත්වරුන් විසි සිදු කෙරිණ.

වැඩි විස්තර  slisd.org යන වෙබ් අඩවියෙන්  තොරතුරු දැනගත හැකි බව දන්වා සිටි ....

 

ලලිත් ප්‍රේමලාල් - දමාම්, සෞදි අරාබිය.


RECOMMEND POSTS