පානදුර ලයිසියම් වසර 24 ක උරුමය



පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ වසර 24 ක අධ්‍යාපන උරුමය අභිමානවත් අයුරින් සමරයි.

පුරා දශක දෙකක් මුළුල්ලේ දේශීය ප්‍රජාවට සුවිශේෂ අධ්‍යාපන අවස්ථා ලබා දෙමින් තම 24 වන සංවත්සරය සැමරීමට මහත් උද්යෝගයෙන් සිටින පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල අද වන විට, ජයග්‍රහණ රාශියක් අත්පත් කර ගෙන සිටියි.

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පාසල් ජාලය වූ ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයේ ප්‍රමුඛතම පාසල ලෙස පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල විරුදාවලි ලබා ඇත. තම පාසලේ සාර්ථකත්වය සඳහා නිරන්තර පාසල් අධීක්ෂණය, සිසුන්ගේ අධ්‍යාපනික හා විෂය බාහිර ක්‍රියාකාරකම් මෙන්ම සිසුන්ගේ පෞරුෂත්වය ඉහළ නංවාලීම සඳහා ඇප කැප වී සිටින බව තහවුරු කර ඇත.

2000 වසර ආරම්භයේ පටන් ම පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල නිරන්තරයෙන් ම දේශීය හා විදේශීය විභාගවලින් ඉහළ ප්‍රතිඵල ලබා ගනිමින් වාර්තා තැබූ පාසලකි.

එමෙන් ම, පානදුර ලයිසියම් සිසුන් දැඩි කැපකිරීමෙන් යුතු ව ඉතා පුළුල් විෂයයන් හදාරා සුවිශේෂ දක්ෂතා පෙන්වා ජයග්‍රහණය ලබා ලයිසියම් ජාත්‍යන්තර පාසල් ජාලය තුළ ඉතා ඉහළ පිළිගැනීමට මෙන් ම විශිෂ්ටත්වයට පත් වී තිබෙන පාසලකි.

තව ද, අධ්‍යාපන කටයුතු පමණක් නොව විවිධ බාහිර ක්‍රියාකාරකම් තුළින් ද විශිෂ්ට දක්ෂතා පෙන්වූ පාසලකි. සිසුන්ගේ කලා කටයුතු ඉහළ නැංවීමටත් ප්‍රදේශයේ ජනතාව සමඟ එකට අත්වැල් බැඳගෙන ප්‍රජා කටයුතු කිරීමටත් සුහදතාවය වර්ධනය කර ගැනීමටත් අවස්ථාව සලසා දී ඇත. පාසල මගින් සංවිධානය කරනු ලබන විවිධ සංගම්, ක්‍රීඩා හා සමාජ සත්කාරක සේවා රාශියක් තුළින් නායකත්ව පුහුණුව හා යුතුකම් වගකීම් පෙන්වා දෙන වැඩමුළු මගින් සාමූහිකත්වය වර්ධනය වී එකට එකමුතු වී වැඩ කිරීමට උගන්වයි.

පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ගරු විදුහල්පති නේතන් විජේසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ “අපට අධ්‍යාපන ජයග්‍රහණ පමණක් නොව තරුණ සිත් හඳුනන උසස් මනසක් ඇති සානුකම්පිත දයාවෙන් යුතු පුරවැසියන් පිරිසක් බිහි කිරීම අපගේ ඒකායන ප්‍රාර්ථනාව බවත් ය. තව ද ඉහළ ගුණාත්මක පරිපූර්ණ අධ්‍යාපනයක් ලබා දීමට කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙන් දැනට දේශීය හා විදේශීය වශයෙන් විවිධ ක්‍ෂේත්‍රවල නියැලෙමින් සිටින අපේ ආදි ශිෂ්‍ය සංගමය ගැන ඉතා උද්දාමයට පත් වන්නෙමු.”

ලොව පළමු පෙළ අධ්‍යාපනයක් ලබා දෙන පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සිසුන් සංස්කෘතික උරුමයන් රැක ගත් සම්ප්‍රදායන්ට ගරු කරන පිරිසකි. තව ද 21 වන සියවසේ අභියෝග ජය ගත හැකි වන පරිදි දේශීය හා විදේශීය සම්ප්‍රදායන්ට ගැළපෙන හා ගෝලීය ඉදිරි දර්ශන නිර්ණායක ගත හැකි සමබර පුද්ගලයන් රැසක් මෙම පාසලෙන් බිහි කර ඇත.

පාසලේ දෙමවුපියන්ගේ අඛණ්ඩ සහයෝගය, පරිපාලනයේ දැඩි පරිශ්‍රමය හා ශක්තිමත් නායකත්වය පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සාර්ථකත්වයට බලපෑ කරුණකි.

පාසලේ ඉලක්ක සාර්ථක කර ගැනීමට උර දෙමින් ශිෂ්‍යයන්, ගුරුවරුන් හා පවුල් සැවොම සහයෝගීව එකම බැඳීමෙන් යුතු ව වැඩ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තම තමන්ගේ අධ්‍යාපන හා පුද්ගලික අභිවෘද්ධිය සලසා ගෙන ඇත.

පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල තම 24 සංවත්සරය අභිමානයෙන් සැමරීමෙන් ඉදිරි පරම්පරාවට පාසලේ උරුමය රැක ගැනීමටත් ඔවුන් අභිප්‍රේරණය කිරීමටත් හැකියාව ලැබේ.

මනස, ශරීරය, ආත්මය පෝෂණය කරන ලොව හොඳම මෙන් ම පළමු පෙළ අධ්‍යාපනයක් ලබා දීමට කැප වී සිටින පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල අධ්‍යාපනයේ පරිවර්තන බලයක් සිදු කළ පාසලකට කදිම නිදසුනකි.


RECOMMEND POSTS