ආර්ථිකයට එල්ල වූ බලපෑම සොයා බලයි



‘කොවිඩ්-19’ වයිරස වසංගතයෙන් මෙරට ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වූ අතර ආර්ථිකයට නැවත යථා යත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය සඳහා දත්ත හා තොරතුරු එක්රැස් කිරීම සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සමීක්ෂණයක් ආරම්භ කර ඇත.

1930 දශකයේ ති වූ ලෝක ආර්ථික අවපාතයෙන් පසු ගෝලීය ආර්ථිකයට දරුණුතම බලපෑමක් එල්ල වූයේ ‘කොවිඩ්-19’ වයිරස වසංගතයෙනි. ‘කොවිඩ්-19’ වයිරස වසංගතයේ බලපෑම හේතුවෙන් ගෝලීය ආර්ථිකය දරුණු අර්බුද රැසකට මුහුණ දෙමින් සිටී. ගෝලීය වසංගතයෙන් මෙරට ආර්ථිකයේ සියලු අංශවලට ද දැඩි බලපෑමක් එල්ල වූ අතර සෑම මට්ටමකම ව්‍යාපාරික කටයුතු අඩපණ වූ අතර ඒ හේතුවෙන් එම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට අසීරු තත්ත්වයක් මෙන්ම ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා අහිමිවීමේ අවදානමකට ද ලක්වා ඇත.

මෙම ආර්ථික පරිහානියෙන් ගොඩඒමට වඩාත් පලදායී දිගුකාලීන සැලසුම් හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු අතර ඒ සඳහා නිවැරැදි දත්ත සහ තොරතරු අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා නිල සංඛ්‍යා දත්ත සපයන මෙරට ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ වනවිට සමීක්ෂණයක් ආරම්භ කර ඇත.

අන්තර්ජාලය ඔස්සේ කෙරෙන මෙම සමීක්ෂණයට නිවැරැදි තොරතුරු සපයන්නැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තිමේන්තුව ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලීමක් ද කරයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම සමීක්ෂණයට සම්බන්ධ විය හැක. ඊට අදාළ තොරතුරු පහත දැක්වේ.

“1930 දශකයේ ඇති වූ  ලෝක ආර්ථික අවපාතයෙන් පසු කොවිඩ් - 19 හි බලපෑම හේතුවෙන් ගෝලීය ආර්ථිකය මේ වනවිට  දරුණුතම බලපෑමට මුහුණ දෙමින් සිටියි. ශ්‍රී ලංකාවේ ද ආර්ථිකයේ සියලු අංශ කෙරෙහි මෙහි බලපෑම විවිධ ආකාරයෙන් එල්ල වී ඇත. සෑම තරාතිරමකම ව්‍යාපාරික කටයුතු අඩපණ වීම හේතුවෙන් තවදුරටත් එම කටයුතු පවත්වාගෙන යාමට අසීරු තත්ත්වයක් මෙන්ම ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා අහිමිවීමේ අවදානමකට ද ලක්ව ඇත.

මෙම ආර්ථික පරිහාණියෙන් ගොඩ ඒම සඳහා වඩාත් ඵලදායී වූ දිගුකාලීන සැලසුම් හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු අතර ඒ සඳහා නිවැරදි දත්ත හා තොරතුරු අත්‍යාවශ්‍ය වේ. ඒ සඳහා,  ශ්‍රී ලංකාවේ නිල සංඛ්‍යාති සපයන ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ වනවිටත් සමීක්ෂණයක් සිදු කරමින් පවතී.


RECOMMEND POSTS