ට්‍රැක්ලන්තය - අවුරුදු කුමාරි
රටේ සංවේදි ප්‍රශ්න ඇරුනම ට්‍රැක් ලන්තේ මේ දවස්වල ප්‍රධාන මාර්තෘකාව වෙලා තියෙන්නේ අවුරුදු කුමරා / කුමරි තෝරන තරඟ. විවිධාකාර ටීවී චැනල් වලින් අධ්‍යාපන ආයතන වලින් මේ අවුරුදු කුමාරි තරඟ නොයෙක් නොයෙක්විදිහට සංවිධානය කරලා තිබුනා. අප්‍රේල් මාසේ පටන් ගත්තු දවසේ ඉදලා මෙලෝ සිහියක් නැතුව අවුරුදු කුමරියෝ තෝරනවා. රටේ හැමතැනම අවුරුදු කුමරියෝ වැහි වැහැලා.
එකමත් එක සාම්ප්‍රදායික වගේ ටීවී චැනල් එකක අවුරුදු කුමාරියෝ ටික බස්සවලා තිබ්බා ස්විමින්ග් පූල් එකකට. නාලා වරෙන් කියලා. අවුරුදු කුමාරියෝ විතරක් නම් මදැයි මේකේ කුමාරයොත් හිටියා. හැමසැරේම අනිත් චැනල් වලට සෙකන්ඩ් වෙන්න බැරි නිසා වෙනසක් කරලා , රටේම අවධානේ අරන් තිබ්බා ඕං. මේකප් දාන් ඉන්න අවුරුදු කුමාරියෝ ටිකගේ මේකප් දිය කරලා සැබෑ ලස්සන බලන්න ගත්තු වෑයමක්ද මන්දා ඉතින්. මොනා උනත් ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ. නාන්නැති අය බනියි ඉතින් මෙව්වට.
තවත් ටීවී චැනල් එකක අවුරුදු කුමාරියෝ ටික වාත්තු කරලා වගේ. තට්ටු හතක මේකප් ලේයර් එකක්. ලස්සනම අවුරුදු කුමරියද ලස්සනම මේකප් එකද තෝරන්නේ කියලා හොයාගන්න බෑ. මේකප් එක දාලා ඉවර උනාට පස්සේ අවුරුදු කුමාරියෝ ටිකටවත් බැහැලු ඔන්න තමංවම අඳුරගන්න.හව් සෑඩ් . අනිත් චැනල් එකට සෙකඩ් උනේ නෑ මේක. මේගොල්ලොත් රටේ අවධානය ගන්න උප්පරවැට්ටියක් දැම්මා. නටන්න තියා තාලෙට අප්පුඩියක්වත් ගහන්න බැරි අවුරුදු කුමාරයෝ ටිකක් නටවලා මුලු රටේම කතාබහට ලක් වුනා. මෙව්වා නම් හරි කැත වැඩ. අවුරුදු කුමාරයෝ ටික දැන ගන්න ඕනේ තමන්ට බැරි වැඩ නොකර පුළුවන් වැඩක් කරන්න. ටීවී චැනල් වල මෙහෙම මිනිස්සු අපහසුතාවයට පත් කරලා ප්‍රසිද්ධිය ගන්න එකත් හරි කැතයි. සහමුලින්ම විරුද්ධයි.
මේ ඔක්කොමත් අස්සේ තවත් තරඟෙක තිබුනා යාන්තමින් විලි වැහෙන විදිහට අවුරුදු කුමරියන්ට අන්දලා, යකා වැහිලා වගේ නටවනවා. පොළව කොටනකොට අහු වුන දෙකට කැපුන පණුවෙක් වගේ.. දැක්කම බඩ පපුව හෝස් ගාලා යනවා.ඒ දැරිවියන්ට අසනීපයක්ද දන්නෙත් නෑනේ.
ඒ මදිවට ඔන්ලයින් අවුරුදු කුමරියොත් ඉන්නවා.හැමෝටම වැඩිය අසරණ වෙන්නේ ඔන්ලයින් අවුරුදු කුමරියෝ ටික, ලැජ්ජාව ටොමියට දාලා ලයික් කමෙන්ට් හිඟා කනවා ෆේස්බුක් එකේ. පව් අහිංසක උදවිය.ඔන්ලයින් අවුරුදු කුමරියට අයදුම් කරපු අය කතරගම මල් විකුණන අක්කලා වගේ. අනේ අපිටත් ලයික් කරන්නකෝ. අපිටත් කමෙන්ට් එකක් දාන්නකෝ කියලා නහයෙන් අඬනවා. ඔය කාලෙට තමා ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ හිටියද කියලාවත් දන්නැති උදවිය මැසේජ් දාන්නේ. අනේ මේකට ලයික් කොරන්ටකෝ කියලා.
ලස්සනම තරගේ තමයි පොඩි ළමයින්ගේ අවුරුදු කුමරි / කුමරා තෝරන තරගේ. හරිම අව්‍යාජයි. හුරතල් වගේම සැබෑ ලස්සන තියෙන්නේ පුංචි හිත්වල.
සංස්කෘතිය වෙනස්වෙන වේගේ අපිට නම් ඉතින් හිතාගන්නවත් බෑ. ඇඳුම්, පැළඳුම්, අවුරුදු කෑම මේසේ, අවුරුදු ක්‍රීඩා. මේ හැම දෙයක්ම වෙනස් වෙලා. අවුරුදු ක්‍රීඩා වල නම් ගම් පවා වෙනස් වෙලා. අලුත් අලුත් ක්‍රීඩා එකතුවෙලා. මේ වෙනස දරා ගන්න බැරි ට්‍රැක් ලන්තේ වැඩිහිටි ඇත්තෝ අනේ අනිච්චන් කියන් මේවා ඔක්කොම බලන් ඉන්නවා.