රුසියාවට පහර දෙන්න ඇති තරම් ආයුධ



රුසියාවට පහර දීමට තරම් ප්‍රමාණවත් අවි ආයුධ සහ යුදෝපකරණ ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය ආදී මිතුරු බටහිර රටවලින් යුක්රේනයට ලැබී ඇති බව යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුබෙලා ‘රොයිටර්’ පුවත් සේවය සමඟ පවසා තිබේ.

‘අපට තවත් බලා සිටින්න අවශ්‍ය වන්නේ නැහැ. රුසියන් හමුදාවට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරන්න දැන් අප ශක්තිමත්. ආක්‍රමණික රුසියන් හමුදාව පරාජය කරන්න අපට ශක්තිය තිබෙනවා. අප එසේ කළොත් නේටෝ සාමාජිකයකු වීමට ඒ ජයග්‍රහණය හේතුවක් වේවි’ යැයි යුක්රේක විදේශ ඇමැතිවරයා ‘රොයිටර්’ පුවත් සේවය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවේදී වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

යුක්රේනය, රුසියාවේ අසල්වැසියකු මෙන්ම, සෝවියට් සමූහාණ්ඩුව පැවැති කාලයේ සෝවියට් සමූහාණ්ඩුවේ කොටසකි. වර්තමාන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ඇමෙරිකාව ඇතුළු පටහිර හිතවාදී නායකයෙකි.

‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවල් එක් වී රුසියාවෙන් එල්ල වන තර්ජව පිටුදැකීමට පිහුටා ගත් යුද සන්ධානයයි.

යුක්රේනය ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කරයි. යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවීම රුසියාවට තර්ජනයක් බව රුසියාවේ විශ්වාසයයි.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය හමුදාව මෙහෙයවමින්, පසුගිය 2021 පෙබරවාරි 24 වැනිදා යුක්රේනය ආක්‍රමණයට රුසියන් හමුදා එරටට යැවීම කළේය. එදා ආරම්භ වුණු යුද්ධය තවමත් දිග් ගැස්සෙමින් පවතී.

ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව ආදී රටවල් මූල්‍ය ආධාරවලට අමතරව, රුසියන් හමුදාවලින් බේරීමට යුක්රේන හමුදාවට අවි ආයුධ, යුද ටැංකි, මිසයිල සහ මිසයිල නාශක අවි, ප්‍රහාරක ජෙට් යානා ආදිය ලබා දී තිබේ.

බ්‍රිතාන්‍ය රජය මැදිහත් වී, යුක්රේන සෙබළුන්ට විශේෂ හමුදා පුහුණුවක් ලබා දීම ද සිදු කරයි. රුසියාවට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට යුක්රේන හමුදාව ශක්තිමත් වී සිටින්නේ ඒ අනුවය.

(රොයිටර්)


RECOMMEND POSTS