කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර සිට කිලෝ මීටර් 13,000 ක් දුර දකුණු ඉන්දියාවේ කුඩා ගම්මානයක හින්දු කෝවිලක පුද පූජ පැවැත්වෙයි.
60 හැවිරිදි කමලා හැරිස් ඉන්දීය සහ ජැමෙයිකා සම්භවයක් ඇති ඇමෙරිකන් කාන්තාවකි. කමලා දේවි හැරිස් උපත ලැබුවේ, කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් නගරයේ උපත ලැබුවේ 1964 වසරේ ඔක්තෝබර් 20 වැනිදාය. කමලාගේ මව පිළිකා පර්යේෂිකාවක වූ ශ්‍යාමලා ගෝපාලන්ය. කමලා ගේ පියා ආර්ථික විශේෂඥයකු වූ ඩොනල්ඩ් හැරිස්ය. මොහු ජැමෙයිකානු ජාතිකයෙකි.
කමලාගේ ජයග්‍රහණය වෙනුවෙන් පුද පූජා පැවැත්වෙන්නේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ, තිරුවාරූර් දිස්ත්‍රික්කයේ තුලායේන්ද්‍රපුරම් ගම්මානයේ හින්දු කෝවිලකය. කමලාගේ මවගේ උපන් ගම්මානය වන්නේ මෙයයි. කමලාගේ මවගේ ඥාතීහු තවමත් මෙම ගම්මානයේ ජීවත් වෙති.
ඇමෙරිකන් ජනාධිපතිවරණය ආරම්භ විය. ජනාධිපතිවරණ සටන පවතින්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේය.
ජනමත සමීක්ෂණ අනුව, ජයග්‍රාහකයා කවුරුන්දැයි කල්තියා අනාවැකි කීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. ඊට හේතුව, ට්‍රම්ප් සහ කමලා හැරිස් අතරේ කරටකර සටනක් පවතින බැවිනි. ට්‍රම්ප් සහ කමලා හැරිස්ගේ අවසන් ජන රැලි පැවැත්වුණ් මිචිගන් සහ පෙන්සිල්වේනියා ජනපදවලය.
මිචිගන් ජන රැලියට ට්‍රම්ප් සමඟ ඔහුගේ පවුලේ සාමාජිකයෝ එක් වූහ. ඊට අමතරව, ජනප්‍රිය ඇමෙරිකන් නිවේදිකාවක මෙන්ම මාධ්‍ය තරුවක් ලෙස ද සැලකෙන මේගන් කෙලී ද ට්‍රම්ප්ට සහාය පළ කරමින් ට්‍රම්ප්ගේ වේදිකාවට ගොඩවූවාය. පෙන්සිල්වේනියා ජනපදයේ පැවැති කමලා හැරිස්ගේ අවසන් ජන රැලියට කැතී පෙරී සහ ලේඩි ගාගා යන ජනප්‍රිය ඇමෙරිකන් ගායිකාවෝ ද එක් වී සිටියහ. ඒ, කමලාට සහාය පළ කරමිණි.
ඇමෙරිකන් ජනාධිපතිවරණය දීර්ඝ මෙන්ම සංකීර්ණ ක්රියාදාමයකි. ඇමෙරිකානුවන්ට ඡන්දය දිනට පෙර, වේලාසනින් ජනදය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදා වුණු බැවින්, ජනපද රැසක වැසියෝ මේ වනවිටත් ඔවුන්ගේ ඡන්ද ප්‍රකාශ කර අවසන් බව ද පැවැසෙයි. ඒ අතරේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ද සිටී. බයිඩන් සිය ඡන්දය ප්‍රකාශ කළේ පසුගිය සතියේය. ඒ මිනිත්තු 40 ක් පමණ ඡන්ද පෝලිමක සිටිමිනි.
පූර්ව අනාවැකි පළ කළ නොහැකි, ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය තීන්දු කරන ජනපද කීපයකි. මෙය සෑම ජනාධිපතිවරණයකදීම දකින්න ලැබෙන සිදුවීමකි. මෙම ජනපද හැඳින්වෙන්නේ ‘බැටල් ග්‍රවුන්ඩ් ස්ටේස්’ යනුවෙනි. ෆ්ලොරීඩා, පෙන්සිල්වේනියා, උතුරු කැරෝලිනා, නෙවාඩා, ජෝර්ජියා මෙම බැට්ල් ‘ග්‍රවුන්ඩ් ස්ටේට්ස්’ ලෙස සැලකෙයි.
එම ජනපදවල වැසියන් කුමන අපේක්ෂකයාට ඡන්දය දෙනවාදැයි කල් තියා ප්‍රකාශ කළ නොහැක බැවින් මේවා ‘ග්‍රවුන්ඩ් ස්ටේට්ස්’ යනුවෙන් හැඳින්වෙයි. අනුමාන කරන ආකාරයට, නෙවාඩා, උතුරු කැරොලයිනා, ජෝර්ජියා සහ පෙන්සිල්වේනියා ජනපද ඩොනල්ඩ් ට්‍රම්ප් වාසිදායක මට්ටමක් පෙන්නුම් කරන අතර. මිචිගන්, විස්කොන්සින් වැනි ජනපද කමලා හැරිස්ට වාසි දායක තත්ත්වයක් පෙන්නුම් කරයි. අනුමාන කරන පරිදිම නෙවාඩා, උතුරු කැරොලයිනා, ජෝර්ජියා සහ පෙන්සිල්වේනියා ජනපද තමන් සතු කර ගැනීමට ට්‍රම්ප්ට හැකි වුවහොත් ඔහුට යළිත් වරක් ජනාධිපති ධුරයට පත්වීමට හැකියාවක් ලැබෙනු ඇතැයි ද පැවැසෙයි.
දැනට කමලා හැරිස් සතුව පවතින මිචිගන් ජනපදය ඩැහැ ගැනීමට ද ට්‍රම්ප් මේ වනවිට විශාල සටනක යෙදී සිටින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. සංක්‍රමණික ගැටලුව, ඇමෙරිකන් ආර්ථිකය, ගෝලීය ස්ථාවරභාවය සහ ඇමෙරිකාවේ භූමිකාව මෙවර ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ගේත් කමලා හැරිස්ගේත් ප්‍රධාන මාතෘකා වී ඇත.
(එන්.ඩී.ටීවී.)