ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ



ඉන්දීය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලොක් සභාවේ ආසන 543 ක් සඳහා නියෝජියන් තෝරා පත් කර ගැනීමේ අරමුණින් ඉන්දීය මහ මැතිවරණය ආරම්භ විය.

මැතිවරණය අදියර 7 ක් යටතේ මාස දෙකහමාරක් තිස්සේ පැවැත්වෙන අතර, මෙය ලොව විශාලතම මැතිවරණය ලෙස ද සැලකෙයි.

ඡන්ද ප්‍රකාශ කිරීම් අවසන් වන්නේ ජූනි පළමු වැනිදාය. එසැණින් ඡන්ද ගණන් කිරීම සිදුවන බවත්, ජූනි 4 වැනිදා ප්‍රතිඵල නිකුත් කෙරෙණු ඇති බවත් ඉන්දීය මැතිවරණ කොමිසම පවසයි.

ඉන්දියාවේ ජනගහනය බිලියන 1.4 ක් වන අතර, මෙම මහ මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වූ ගණන මිලියන 969 කි. මෙය ඉන්දීය ජනගහනයෙන් සියයට 10 ක පමණ ප්‍රතිශතයකි.

ඉන්දියාව පුරා මෙන්ම ඉන්දීය පාලනය යටතේ පවතින ප්‍රදේශවලත්, ඡන්ද මධ්‍යස්ථාන මිලියනයක් ස්ථාපිත කෙරෙනු ඇති බවත් මැතිවරණ නිලධාරීන්, ආරක්ෂාවට පොලිස් සහ හමුදා නිලධාරීන් මිලියන 15 ක් මැතිවරණ රාජකාරිවල නියැලෙන බවත් ඉන්දීය මැතිවරණ කොමිසම පැහැදිලි කර ඇත.

ඉන්දියාවේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදුවන්නේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයටය. ඉලෙක්ට්‍රොනික ඡන්ද ප්‍රතාශ කිරීමේ යන්ත්‍ර මිලියන 5.5 ක් ද යොදා ගන්නා බව පැවැසෙයි. මැතිවරණ කටයුතු සඳහා ඉන්දියාව වැය කරන මුදල ඉන්දීය රුපියල් කෝටි 3,870 ක් යැයි පැවැසෙයි.

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ ගණන 2,600 කට වැඩිය. එම පක්ෂ ප්‍රධාන පක්ෂ, සන්ධාන දෙකකින් මැතිවරණයට ඉදිරිපත් වෙයි.

2014 වසරේ සිට ඉන්දියාට නායකත්වය දෙන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී පක්ෂය ඔවුන්ට හිතවත් දේශපාලන කණ්ඩායම් සමඟ අත්වැල් බැඳගෙන සිටින්නේ ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’ ලෙසය. ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’ ට නායකත්වය දෙන්නේ ‘භාරතීය ජනතා පක්ෂය’යි.

ලොක් සභාවේ බහුතරය සඳහා ආසන 272 කය වඩා දිනාගත යුතුය. නෙර්න්ද්‍ර මෝදි, ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයපත් වූයේ 2014 මැතිවරණයෙන් ‘භාරතීය ජනතා පක්ෂය’ පමණක් තනිවම ඡන්ද 282 ක් දිනා ගැනීමෙන් පසුවය. එය භාරතීය ජනතා පක්ෂය ලැබූ විශිෂ්ට ජයක් ග්‍රහණයකි. 2019 වසරේ පැවැති මැතිවරණයෙන් ද ‘භාරතීය ජනතා පක්ෂය’ තනිවම ඡන්ද 303 ක් දිනා ගත්තේය. මෙම මහ මැතිවරණයේ දී ‘භාරතීය ජනතා පක්ෂය’ තනිවම ආසන 370 ක් දිනා ගැනීමට අපේකෂා කරයි.

මෙවර මහ මැතිවරණයේ දී ‘භාරතීය ජනතා පක්ෂය’ ප්‍රමුඛ ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’ ආසන 400 කට වැඩියෙන් දිනා ගනු ඇතැයි විශ්වාස කෙරේ. ඒ අනුව, තවත් පස් වරක් මෝදි අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටිනු ඇත. ආසන 400 සීමාව පසු කිරීමට නම්, ‘භාරතීය ජනතා පක්ෂය’ ප්‍රමුඛ ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’ට ඉන්දියාවේ දකුණු දිග ප්‍රාන්තවල බලය තහවුරු කර ගැනීමට සිදුවේවි යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

2024 වසරේ සිට මෝදි ඉන්දියාවට ශක්තිමත් නායකත්වයක් දෙයි. මෝදි ජනප්‍රියතම ලෝක නායකයා ද වෙයි. ඉන්දියාවේ බොලිවුඩ් සුපිරි තරුවලටත් වඩා 73 හැවිරිදි මෝදි ජනප්‍රිය යැයි පැවැසෙයි. ඉන්දියාවේ ආර්ථිකය නගා සිටුවමින්, ඉන්දියාව ලෝකයේ කැපී පෙනෙන ස්ථානයකට රැගෙන ගියේ  අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ය. මෝදිගේ නායකත්වය යටතේ, ඉන්දියාව අද ලෝක දේශපාලනයේ තීන්දු තීරණ ගැනීම්වලදී ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කරයි.

එසේ වුවත්, මෝදිගේ නායකත්වය යටතේ ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිට පැන අධිකාරී බලයක් සහිත රටක් බවට පත් වෙනවා යැයි ඉන්දීය විපක්ෂය චෝදනා කරයි. ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ 53 හැවිරිදි රාහුල් ගාන්ධි නායකත්වය දෙන කොංග්‍රස් පක්ෂයයි.

2014 සහ 2019 මහ මැතිවරණවලදී කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානයට අන්ත පරාජයක් හිමිවිය. ඒ, ගාන්ධි පරපුර සම්බන්ධයෙන්, ඉන්දියානුවන්ගේ විශේෂයෙන් හින්දුවරුන්ගේ විශ්වාසය පළුදු වූ නිසා යැයි පැවැසිණි. මේ හේතුව නිසාම, අද වනවිට කොංග්‍රස් පක්ෂයේ සභාපති ධුරය හොබවන්නේ ගාන්ධි පවුලට කිසිදු සම්බන්ධයක් නැති පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන මල්ලිකාර්ජුන් කාර්ගේ ය.

මෙවර මහ මැතිවරණයට කොංග්‍රස් පක්ෂය මුහුණ දෙන්නේ නව සන්ධානයකිනි. මෙම නව සන්ධානයට ඉන්දියාවේ සියලුම විපක්ෂ දේශපාලන පක්ෂ එක් වී සිටී. ‘ඉන්දියා’ යන නමින් හැඳින්වෙන මෙම විපක්ෂ සන්ධානයට එක් වී සිටින ප්‍රධාන දේශපාලන පක්ෂ ගණන 26 කි.

කොංග්‍රස් පක්ෂයේ මැදිහත් වීමෙන් පිහිටුවූ මෙම විපක්ෂ සන්ධානය අතරේ ද බෙදුම් සහ මතගැටුම් පවතී. යම් හෙයකින් විපක්ෂය ජයග්‍රහණය කළත්, අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ කවුරුන්දැයි යන්න තීරණය කර වී නැති අතර, ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානය නිසි නායකයකු ද නැත. විපක්ෂ දේශපාලන කණ්ඩායම් අතරේ පවතින මෙම බෙදීම, භාරතීය ජනතා පක්ෂයේ ජයග්‍රහණය යළිත් වරක් තහවුරු කිරීමට හේතුවක් වනු ඇති බව ඉන්දීය දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.


RECOMMEND POSTS