‘මෙරන්ති’ චීනය කළඹයි



බීජීංහිදීය (රොයිටර්)

‘මෙරන්ති’ නමින් නම් කළ ප්‍රබල සුළි කුණාටුවක් ඊයේ (15) නැගෙනහිර චීන වෙරළ තීරය හරහා හමා ගියේය. 

ජගත් කාලගුණ විද්‍යාඥයන් පවසා ඇත්තේ මේ වසරේ නිර්මාණය වුණු ප්‍රබලතම සුළි කුණාටුව මෙය බවය. සුළි කුණාටුව සමඟ මහ වැසි ඇද හැලුණි. සුළි කුණාටුවෙන් බරපතළ හානි සිදුවූයේ ෂියැං දිස්ත්‍රික්කයේ සියාමෙන් නුවරටය.

සුළි කූණාටුවෙන් නිවාස සහ ගම්මාන රැසක් විනාශ විය. සුළි කූණාටුව රට තුළට පැමිණෙද්දී ඒ ගැන අනතුරු ඇගවීමටචීන කාලගුණ විද්‍යාඥයෝ සමත් වූහ. ජීවි. හානි අවම කර ගැනීමට එය හේතුවක් විණැයි පැවැසෙයි.

සුළි කුණාටුව පැමිණීමත් සමඟ ලක්ෂ ගණනක් වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට චීන බලධාරීහු පියවර ගත්හ.

ගස් කඩා වැටීමෙන් මාර්ග අවහිර වී ඇති බවත් විදුලි බල සැපැයුම්වලට බාධා එල්ල වී ඇති බවත් චීන පුවත් සේවා වැඩි දුරටත් කියා සිටී.


RECOMMEND POSTS