විලියම් - කේට් බ්‍රිටිෂ් කොළොම්බියාවට යති
කැනඩාවේ සංචාරයක නියැළෙනබ්රිතාන්යෙයේ විලියම් කුමරු සහ කේට් මිඞ්ල්ටන් කුමරිය ඊයේ (28) බ්‍රිටිෂ් කොලොම්බියා පළාතේ සංචාරය කළහ.
මීට වසර 30 වසරකට පෙර විලියම් කුමරුගේ මව ඩයනා කුමරිය සහ පියා චාල්ස් කුමරුන් ද මෙලෙස බි්රටිෂ් කොලොම්බියා පළාතේ සංචාරයකට පැමිණ ඇත.
මෙම සංචාරයේ දී විලියම් කුමරු සහ කේට් කුමරිය මිදි වතුවල සංචාරය කළහ. ලොව ප්රමුඛ පෙළේ වයින් නිෂ්පාදනයට යොදා ගන්නේ මෙම මිදි වතුවලින් නෙළා ගන්නා මිදි වර්ග යැයි ද පැවැසෙයි.
ඊට අමතරව රාජකීය යුවළ උතුරු ඇමෙරිකානු ස්වදේශීය රතු ඉන්දියානු ප්‍රජාව හමු වීමට ද ගියහ. එම අවස්ථාවේදී කොලොම්බියා පළාතට පමණක් ආවේණික ප්‍රණීත කෑම වර්ග කිහිපයක රස බැලීමට ද රාජකීය යුවළට හැකි විය.
ඉන්පසු විලියට් සහ කේට් කාන්තා වොලිවෝල් ක්‍රීඩා තරග නැරැඹීමට ද ගියහ. වොලිවෝල් කණ්ඩායම රාජකීය යුවළට ද ටී ෂර්ට් තෑගි කළහ.
විලියම් සහ කේට් යුවළ කැනඩාවට පැමිණියේ පසුගිය සති අන්තයේය. අවුරුදු 3 ක් වයසැති පුතු ජෝර්ජ් කුමරු සහ මාස 16 ක් වයසැති දියණිය චාර්ලොට් ද විලියම් කේට් සමඟ කැනඩාවට පැමිණියහ. විලියම් කේට් බ්‍රිටිෂ් කොලොම්බියාහි සංචාරය කරන අතරතුරේ ජෝර්ජ් සහ චාර්ලොට් ඔවුන්ගේ ආයම්මා සමඟ වික්ටෝරියා නුවර රැඳී සිටින බව ද වාර්තා විය.