බෝම්බ ප්‍රහාරයකින් පකිස්තානයේ 23ක් මරුට
Pakistan
වයඹ දිග පකිස්තානයේ ඇෆඝනිස්තාන දේශ සීමාව අසල පල්ලියකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් 29 දෙනෙකු තුවාල ලැබූ බව වාර්තා වෙයි.
අන්බර් පුදේශයේ පල්ලියක මෙම බෝම්බ පිපිරවීම සිදුවී ඇත්තේ පස්වරැ දෙකට පමණ යාඥා මෙහෙය පැවැත්වෙද්දීය.
‘බෝම්බකරු සිටියේ පල්ලිය ඇතුළේමයි. ඔහු ‘අල්ලාහ් අක්බාර්“ යයි මහ හඬින් කියමින්ම බෝම්බය පුපුරැවා ගත්තා‘ සහකාර දේශපාලන නිලධාරි නවීඩ් අක්බාර් වාර්තාකරුවන් අමතමින් පැවසීය.
බෝම්බය පිපිරෙන විට පස්වරු දෙකට පමණ ඇති.ඒ වෙලාවෙ යාඥා මෙහෙය පැවැත්වෙමිනුයි තිබුණේත“ ඔහු වැඩි දුරටත් පැවසීය.
ඒ වෙලාවේ පල්ලිය ඇතුළේ විශාල පිරිසක් සිටියා‘ තවත් ඇසින් දුටු සාක්ෂි කරුවෙක් පැවසීය. තුවාල ලැබූවන් විශාල පිරිසක් බජාවුර්, චාර්සද්දා සහ පෙෂාවෝර් යන නගරවල පිහිටි රෝහල්වලට ගෙන යනවු ලැබූහ.
බොම්බ පිපිරවීමට වග කිව යුත්තේ කවුරැන්දැයි තවම අනාවරනය වී නැත.පකිස්තානු අගමැති නවාස් ෂෙරීෆ් සිද්ධිය සම්බන්ධයෙන් සිය කනගාටුව හා ශෝකය පළකර ඇත. මෙම පිපිරවීම සිදුවූයේ අන්තිම ත්‍රස්තවාදියාත් විනාශකරන තුරු ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ගෙන යන බවට අගමැතිවරයා ප්‍රකාශයක් කළ දිනයේදීමය. ඔහු එම ප්‍රකාශය කළේ හමුදා ප්‍රධානි ජෙනරාල් රහීල් ෂෙරීෆ් සමග ඊයේ (16) පැවැති සාකච්ඡාවකදීය.