බ්‍රිතාන්‍ය විපක්ෂ නායක ධුරය තව දුරටත් ජෙරමි කෝර්බින්ට
බ්‍රිතාන්‍ය විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කම්කරු පක්ෂයේ නායකත්වය වෙනුවෙන් පෙරේදා (24) පක්ෂ අභ්‍යන්තරයේ ඡන්දයක් පැවැත් වුණු අතර, පක්ෂ නායකත්වය දරණ දැඩි වාමාංශික මතධාරී ජෙරමි කෝර්බින්ට දිගටම සිය ධුරයේ රැඳී සිටීමට අවස්ථාව උදා විය.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනා තීරණය කර ඇත්තේ පක්ෂ නායකත්වය සඳහා සුදුස්සා කොර්බින් බවය. විපක්ෂ නායක ධුරය වෙනුවෙන් කෝර්බින්ට අභියෝගයක් එල්ල වනු ඇතැයි අනුමාන කළේ ඕවන් ස්මිත්ගෙනි.
අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව කොර්බින් සියයට 61.8 ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගෙන තිබුණු අතර ස්මිත්ට හිමි කර ගැනීමට හැකි වී තිබුණේ 38.2 ක ප්‍රතිශතයක් පමණි.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් විය යුතු ද නැද්ද සම්බන්ධයෙන් පසුගිය කාලයේ ජනමත සමීක්ෂණය පැවැති අවදියේ දී කෝර්බින් දැඩි ලෙස කම්කරු පාක්ෂිකයන් අතරේ අප්‍රසාදයට ලක් විය. ඊට හේතු වූයේ බි්රතාන්යය යුරෝපා සංගමයෙන් ඉවත් වෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් කොර්බින් ද දෙගිඩියාවෙන් පසුවීම නිසාය.
පෙරේදා පැවැති ඡන්ද විමසුමේ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ ගිලිහී ගිය එම ජනප්‍රියත්වය යළි කොර්බින්ට ලැබී ඇති බව යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.