පාප්තුමෝ ළමා වාට්ටුවේ
Vatican
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ ඉකුත් දා, කවුරුත් පුදුමයට පත් කරමින්, රෝමයේ සැන් ජියෝවානී රෝහලේ නොමේරු ළඳරු ඒකකය නිරීක්ෂණයට පැමිණියහ.
නොමේරු ළඳරු ඒකකයේ ළඳරුවන්ගේ සුවදුක් විමසා බලා ඔවුන්ට ආශිර්වාද කළ පාප්තුමෝ, ළමා වාට්ටුවේ සිටින අලුත උපන් බිළිඳන් කිහිප දෙනකු වඩා ගැනීමට ද අමතක නොකළාහ.
ඊට අමතරව පාප්තුමෝ වෛද්‍යවරුන්, හෙද හෙදියන් සමඟ ද සුහඳව කතාබහ කළෝය. රෝහලේ මාරාන්තික රෝගවලින් පීඩි විඳිමින් සිටින රෝගීන් කිහිප දෙනකු බැහැදැක ඔවුන්ගේ සුවදුක් විමසීමට ද පාප්තුමෝ කටයුතු කළහ.