නිව්යෝක් නුවර පිපිරීමක්: 25 ක් රෝහලේ



USA

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර මැන්හැටන් ප්‍රදේශයේ චෙල්සා පළාතේ සිදුවුණු ප්‍රබල පිපිරීමකින් 25 දෙනෙක් තුවාල ලැබූහ.
එය බෝම්බ පිපිරීමක් යැයි සිදු කළ පරීක්ෂණවලින් පසුව අනාවරණය විය. නිව්යෝක් පොලිසිය පැවැසුවේ එම බෝම්බය කුණු කූඩයක දමා තිබියදී පුපුරා ගිය බවය.
බෝම්බය පුපුරා ගිය ස්ථානයේ ඇමෙරිකන් මෙරීන් හමුදා භටයන් සහ නාවික හමුදා භටයන් වෙනුවෙන් ආධාර එක් කිරීමේ වැටසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි.
නිව්යෝක් බලධාරීන් පැවැසුවේ පිපිරීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ අයගේ තත්ත්වය බරපතළ නොවන බවය. පිපිරීම සිදුවුණු සැණින් ඇමෙරිකා පුවත් සේවා වාර්තා කර තිබුණේ එය ගෑස් කාන්දුවක් නිසා සිදුවූවක් බවය. පිපිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට සැක කෙරුණේ ඉන්පසුවය.


RECOMMEND POSTS