ඩෙංගු, චිකන්ගුන්යා දිල්ලිය ගිල ගනී
නවදිල්ලිය
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර චිකන්ගුන්යා සහ ඩෙංගු වයිරස උණ රෝග බහුලව පැතිර යමින් ඇති බවත් ඊයේ (16) වනවිට වයිරසට ආසාදනය වුණු 33 දෙනකු මියගිය බවත් එරට පුවත් සේවා වාර්තා කරයි.
චිකන්ගුන්යා සහ ඩෙංගු රෝගීන් 2,800 ක් රෝහල්වල ප්‍රතිකාර ගන්නා බවත්, මෙය වසංගත තත්ත්වයක් බවත් ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.
චිකන්ගුන්යා සහ ඩෙංගු බෝ වන්නේ මදුරුවන්ගෙනි. දිල්ලි අගනුවර මෙම රෝග ව්‍යාප්තවීම වර්ධනය වූයේ මෝසම් වැසි සමය හේතුවෙන් යැයි ද සෞඛ්‍ය බලධාරීහු පැහැදිලි කරති.