චීන ගගන නැවැතුම්පොළේ තවත් කොටසක් උඩුගුවනට
(බීජීං)
චීනය පෘථිවි කක්ෂයේ රැඳවීමට සූදානම් වන අභ්‍යවකාශ නැවැතුම්පොළේ දෙවැනි කොටස ‘ටියැංගොන් 2’ ඊයේ (16) සාර්ථකව උඩු ගුවනට යවනු ලැබුණි.
අභ්‍යවකාශ නැවැතුම්පොළේ ‘ටියැංගොන් 2’ කොටස උඩු ගුවනට යැවුණේ ගෝබි කාන්තාරයේ පිහිටි චීන ගගන මධ්‍යස්ථානයෙනි. ඒ, චීනය ඉන්ජිනේරුවන් විසින් නිර්මාණය කරනු ලැබූ අධි බලැති රොකට්ටුවක ආධාරයෙනි.
අභ්‍යවකාශ නැවැතුම්පොළේ පළමු කොටස ‘ටියැංගොන් 1’ අභ්‍යවකාශයට මුදා හැර පෘථිවි කක්ෂයේ රැඳවීම චීන විද්‍යාඥයන් සමත් වූයේ 2011 වසරේදීය. කොටස් කිහිපයක් එක් කරමින් අභ්‍යවකාශ නැවැතුම්පොළ නිර්මාණය වනු ඇත. කොටස් සියල්ල එක් වී සම්පූර්ණ වනු ඇත්තේ 2022 වසරේදීය.