ඔපෙක් - රුසියා ගිවිසුමක්
ඛනිජ තෙල් අපනයන කරන රටවල සංවිධානය (ඔපෙක් සංවිධානය) මේ මස අවසානය වනවිට රුසියාව සමඟ ඛනිජ තෙල් සම්බන්ධ ගිවිසුමකට එක්වනු ඇතැයි වාර්තා වේ.
මේ වනවිටත් ඒ සඳහා සාකච්ඡා පැවැත්වෙන බවත් එම සාකච්ඡා සාර්ථක වනු ඇති බවත් පැවසේ.
පහත වැටෙන ඉන්ධන මිල ගණන් මත ලංසු තබා තිබූ හෙජ් අරමුදල් හා අනෙක් ආයෝජකයන් ද ඔවුන්ගේ ලංසු වෙනස් කිරීමට කටයුතු කර තිබූ අතර ඔවුන් සියලු දෙනා ඇල්ජීරියාවේ ඇල්ජියර්ස් අගනුවරදී හමුවීම සාකච්ඡා කළ බව ද වාර්තා විය. පස්වැනි මාසයටත් ඉතා වේගයකින් ඉන්ධන මිල ගණන් අඩුවීමෙන් පසු නිෂ්පාදකයෝ එම සාකච්ඡා පැවැත්වූහ.
කෙසේ වෙතත් ඔපෙක් සංවිධානයේ නියෝජිතයන් පසුගිය සතිය පුරාවට මොස්කව් නුවරත් පැරිස් නුවරත් විවිධ සාකච්ඡා පැවැත්වූ බව වාර්තා විය. එහිදි අභයන්තර ගැටුම් හා පහත යන බොරතෙල් බැරලයක මිල ඇතුළු ප්රධාන කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු වූ බව ද වාර්තා විය.