හිලරිට සනීපලු වෛද්‍යවරිය පවසයි
වොෂින්ටන්
ඇමෙරිකා ජනපති ධුර අපේක්ෂිකා 68 හැවිරිදි හිලරි ක්ලින්ටන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බිය විය යුතු නැති බවත්, ඇයට වැළැඳුණු නියුමෝනියා තත්ත්වය කඩිනමින් පහව යනු ඇති බවත් ඇයට ප්‍රතිකාර කරන වෛද්‍ය ලීසා බාර්ඩැක් පවසයි.
හිලරි ක්ලින්ටන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇති බව පෙන්වා දෙමින් වෛද්‍ය ලීසා බාර්ඩැක් විශේෂ ප්‍රකාශයක් ඇගේ මැතිවරණ කටයුතු සංවිධායක මණ්ඩලයට ද යවා ඇතැයි වාර්තා වේ.
නියුමෝනියාවෙන් පෙළෙන හිලරි ක්ලින්ටන් වෙනුවට ඇගේ මැතිවරණ රැලිවලට ඇගේ සැමියා හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් සහභාගී වන බව ද මැතිවරණ ප්රචාරක සංවිධායකවරු පවසා සිටිති.
හිලරි ක්ලින්ටන් හදිසියේ රෝගී වූයේ පසුගිය 12 වැනිදා 9/11 ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් පැවැත්වුණු සැමරුමකට සහභාගී වී සිටිද්දීය. ඇය එම සැමරුමට සහභාගී වී ආපසු ඇගේ රථය වෙත යද්දී දී සිහිසුන් වී ඇද වැටෙන්න ගියාය.
ඇයට වැටෙන්න ඉඩ නොදී රියට ගොඩ කරවා ගත්තේ ඇගේ ආරක්ෂක අංශ ඇය වට කර ගනිමිනි. කෙසේ නමුත් ප්‍රතිකාර ලබමින් සිටින හිලරි ක්ලින්ටක් පවසා ඇත්තේ තමා එසේ වැටෙන්න නොගිය බවත්, දැන් තමාගේ සෞඛ්‍ය යහපත් තත්ත්වයට පත් වී ඇති බවත්ය.