සරණාගත අර්බුදය එ.ජා. මහ සමුළුවට



 

 

USA

නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත් වෙන එක්සත් ජාතීන්ගේ 71 වැනි මහා මණ්ඩල සැසිවාරයේ දී යුද ගැටුම්, දේශපාලන අර්බුද හේතුවෙන් උන්හිටිතැන් අහිමි වුණු මිලියන 65.3 කට වැඩි සරණාගතයන් සහ අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ලෝක නායකයන් අතරේ සාකච්ඡා කිරීමට නියමිතය.

සංක්‍රමණික සහ සරණාගත අර්බුදය සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ සමහා මණ්ඩල සැසියකදී, විශේෂ සැසියක් පැවැත්වෙන්නේ පළමු වරටය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දී සිටින දරුණුතම සරණාගත සහ සංක්‍රමණික අර්බුදය මෙය යැයි ද පැවැසෙයි. මෙම අර්බුදයට මුහුණ දී සිටින්නේ අප්‍රිකා සහ මැදපෙරදිග රටවල වැසියන් සහ යුරෝපා රටවල වැසියන්ය.

සිරියාවේ යුද ගැටුම් හේතුවෙන් එරට හරි අඩක් පමණ මේ වනවිට යුරෝපා රටවලට පලා ගොස් ඇතැයි වාර්තා වේ. නීතිවිරෝධී සංක්‍රමනිකයන් ලෙස පැමිණෙන මෙම සිවිල් වැසියන්ට තාවකාලිකව නවාතැන් ලබා දීමට යුරෝපා රටවල් පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ. 


RECOMMEND POSTS