වොෂින්ටන් වෙඩික්කරුගෙන් ප්‍රශ්න කිරීම් ඇරැඹෙයි



ඇමෙරිකාවේ වොෂින්ටන් ජනපදයේ බර්ලින්ටන් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයකට කඩා වැදී වෙඩි තබා පස් දෙනකු මරා දැමූ සැකකකරුගෙන් දිගටම ප්‍රශ්න කරන බව පොලිසිය පවසයි. 

සැකකරු අල්ලා ගැනීමට පොලිසියට හැකි වූයේ පෙරේදා (25) ය. වෙඩි තැබීම සිදුවූයේ පසුගිය 24 වැනිදාය. සැකකරු 20 හැවිරිදි ආර්කැන් සෙටින් නමැති සුදු ජාතිකයෙකි.

වෙඩි තැබීම සිදුවූයේ සියැටල් නුවරට උතුරින් පිහිටි බර්ලින්ටන් නුවර කැස්කේඞ් නමැති සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලේය. 


RECOMMEND POSTS