මම නම් නිරෝගීව ඉන්නවා- ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි
USA
තම ප්‍රතිවාදී අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ගැන තමා කියන්න නොදන්නා නමුත්, තමා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.
70 හැවිරිදි ට්‍රම්ප් මේ බව පැවැසුවේ ඔහුගේ වෛද්‍යවරුන්, ඔහුගේ සියලුම වෛද්‍ය වාර්තා මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කිරීමට කටයුතු කිරීමත් සමඟය.
හිලරි ක්ලින්ටන් නියුමෝනියා රෝගී තත්ත්වයෙන් පීඩා විඳින බව පසුගිය දා වාර්තා විය. ඇය පසුගිය ජනවාරියේ දී ද හොර රහසේ සැත්කමකට භාජන වී ඇතැයි ද පුවත් පළ වී තිබේ.
නියුමෝනියා තත්ත්වය හේතුවෙන් දින තුනක් මැතිවරණ කටයුතුවලට සමු දී විවේකීව ප්‍රතිකාර ගැනීමට ද හිලරිට සිදුවිය.
ට්‍රම්ප් වැඩි දුරටත් පවසා ඇත්තේ තමාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඇමෙරිකන් ජනතාවට වසං කිරීමට කිසිදු කරුණක් නොමැති බවය. ඇමෙරිකාවට හොඳ ශක්තිමත් නායකයකු වීමට තමන්ට හැකි බව ද ට්‍රම්ප් වැඩි දුරටත්ක කියා සිටී.