කිමිදුම් තටාකයේ පාට හිටිහැටියේ වෙනස් වෙලා



 

බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර ඔලිම්පික් කිමිදුම් තටාකයක ජලයේ වර්ණය හිටිහැටියේ කොළ පැහැ ගැන්වී ඇති අතර ඊට හේතුව කුමක්දැයි පැහැදිලි කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.


ජලයේ පැහැය හිටිහැටියේ වෙනස් වූයේ කිමිඳුම් ක්‍රීඩා තරග පැවැත්වෙන මරීයා ලෙන්ක් ජල ක්‍රීඩාංගනයේ ඇති එක් තටාකයකය. තටාකයේ ජලයේ පැහැය සාමාන්‍යයෙන් නිල් පැහැයෙන් තිබිය යුතු යැයි බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති. කෙසේ නමුත් පැහැය ගැන තැකීමක් නොකර කිමිදුම් ඉසවු දිගටම පැවැත්වුණු බව ද වාර්තා විය.


(රියෝ දි ජිනැයිරෝ නුවරදීය (ඬේලිමේල්)


RECOMMEND POSTS