ඇමෙරිකාව සිරියාවෙන් සමාව ගන්න ඕනෑ ජනපති අසාද්ගේ උපදේෂිකාව කියයි
ඇමෙරිකන් ගුවන් හමුදාව එල්ල කළ ප්රහාරයකින් සිරියානු රජයේ හමුදාවට අයත් සොල්දාදුවන් 10 දෙනකු පසුගිය දා ජීවිතක්ෂයට පත් වීමේ සිදුවීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සමාව ගත යුතු යැයි සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ උපදේශිකාවක වන භූතයිනා ෂාබාන් පවසා ඇත.
ඇමෙරිකාව එම ගුවන් ප්රහාරය එල්ල කළේ ඉකුත් 17 වැනිදාය. එය අත්වැරදීමකින් සිදුවුණු ප්රහාරයක් බව ඇමෙරිකන් හමුදාව ද පවසා ඇත. කෙසේ නමුත් ෂාබාන් පවසා ඇත්තේ ඇමෙරිකාව ඒ සම්බන්ධයෙන් සිරියානු රජයෙන් සමාව ඉල්ලා සිටිය යුතුයි කියාය.
ඇමෙරිකාව ගුවන් ප්රහාර එල්ල කරන්නේ අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන් ඉලක්ක කර ගනිමිනි. සිරියානු සිවිල් අරගලය ආරම්භ වුණු අවස්ථාවේදී ඇමෙරිකන් ගුවන් හමුදාවේ ඉලක්කය වූයේ සිරියානු රජයේ හමුදාය. කෙසේ නමුත් අයි.එස්.අයි.එස්. තර්ජන ඉහළ යද්දී අයි.එස්.අයි.එස්. සංවිධානයට ඓරහිව පමණක් ප්රහාර එල්ල කිරීමට ඇමෙරිකාව කටයුතු කළේය.