ඇමෙරිකාවේ දුම්රිය අනතුරකින් 1ක් මරුට 108කට තුවාල
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්ජර්සි ප්‍රාන්තයේ ඊයේ (29) රාත්‍රීයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයකු මියගොස් එකසිය අට දෙනෙක් තුවාල ලැබූහ.
මගී ප්‍රවාහන දුම්රිය වේගයෙන් පැමිණ නිව් ජර්සි ප්‍රාන්තයේ හොබෝකෙන් දුම්රිය ස්ථානයට කඩා වැදී ඇතැයි තුවාල ලැබූ බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි මාධ්‍ය වාර්තා කර තිබුණි. එක් අයකුගේ මළ සිරුර හමුව තිබුණ ද අනතුරෙන් මරණ කීයක් සිදුව ඇතැයි නිශ්චිත කිව නොහැකි බව නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණි.
දුම්රිය කඩාවැදීම නිසා දුම්රිය ස්ථානය වහලයට හා ගොඩනැගිලිවලට දැඩි හානි සිදු ව ඇතැයි ද වාර්තා විය. අනතුර සිදු වූ සැණින් සහන සේවකයන් සියයකට වැඩි පිරිසක් එම ස්ථානයට පැමිණි බවත් ඒ ආසන්නයේ තිබෙන හඞ්සන් නදිය ඔස්සේ පොලිස් බෝට්ටු ද ස්ථානය වෙත ළඟා වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණි. දුම්රියේ සිටි බොහෝ දෙනකු සුන්බුන් අතර සිර වී සිටින බව සහන සේවකයන් උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා වාර්තාවල දැක්විණි.