ඉරාන විදෙස් ඇමැති සෞදියේ



ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි, සෞදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සෞද් කුමරු හමුවිය. ඒ, ඉරානය එරට න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇමෙරිකන් නියෝජිතයන් සමඟ පවත්වන න්‍යෂ්ටික සාකච්ඡා සම්බන්ධයෙනි.

ඉරානය සහ ඇමෙරිකාව අතරේ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා වට තුනක් පැවැත්විණි. සිවුවැනි වටයේ සාකච්ඡා ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව ඇත. මෙම සාකච්ඡා සඳහා ඉරානය අවශ්‍ය උපදෙස් ලබා ගන්නේ රුසියාව, සෞදිය සහ ඕමාන යන රටවලිනි. සිවුවැනි වටයේ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත්තේ ද ඕමානයේදීය.

ඉරානය ඔවුන්‌ගේ න්‍යෂ්ටික වැඩසටහන පවත්වාගෙන යන්නේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණින්ය. එහිදී, යුරේනියම් බලගැන්වීම ඉරානය විසින් සිදු කරනු ලබයි. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය චෝදනා නගන්නේ, ඉරානයට න්‍යෂ්ටික අවි නිපදවීමේ හැකියාව ඇති බවටය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS