සිරියාවේ ගැටුම් ඇවිලෙයි
බලය අල්ලා ගත් සිරියානු විපක්ෂය සහ විපක්ෂයට සහාය දක්වන සටන්කාමීන් පිහිටුවා ගත් අන්තර්වාර රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන් සහ රටින් පලා ගිය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ආධාරකරුවන් අතරේ දරුණු අවි ගැටුම් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ගැටුම් හටගෙන ඇත්තේ වයඹදිග සිරියාවේ පළාත් සහ නගරවල යැයි පැවැසෙයි. ගැටුම් පවතින්නේ ටාර්ටොස් සහ ලටාකියා යන පළාත්වලය. ගැටුම් හේතුවෙන් මේ වනවිට 100 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
සිරියානු විපක්ෂය සහ විපක්ෂයට සහාය දක්වන සටන්කාමීන්, බලය අල්ලා ගත්තේ 2024 දෙසැම්බරයේය. සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්, රුසියාවට පලා ගියේය. ඒ, රුසියාවෙන් ලැබුණු සහාය අනුවය.
(ඒ.එෆ්.පී.)