ඇඳුම් ඇඳීම, මාධ්‍ය තුළ කතා කිරීම තහනම්
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පුරවැසියන් නොවන පුද්ගලයින්ට එමිරේට්ස් ඇඳුම් ඇඳීම සහ මාධ්‍ය තුළ එමිරේට්ස් භාෂාවෙන් කතා කිරීම තහනම් කර ඇති බව වාර්තා වේ.
එමිරේට්ස් පුරවැසියන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා එමිරේට්ස් ඇඳුම් ඇඳීම සහ මාධ්‍ය තුළ එමිරේට්ස් භාෂාවෙන් කතා කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීමට ජාතික මාධ්‍ය කවුන්සිලය කටයුතු කර ඇත.
“සැබෑ සංස්කෘතික සහ ජාතික අනන්‍යතාවය මාධ්‍ය තුළ ඉදිරිපත් කිරීම එමිරේට්ස් ජාතිකයින් විසින් පමණක් සිදු කළ යුතුය“. යනුවෙන් සඳහන් කරමින් එමිරේට්ස් ජාතික මාධ්‍ය කවුන්සිලයේ ප්‍රධානියා සිය ට්විටර් ගිණුමේ සදහන් කර ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ඩුබායි නුවර)