ඉරාන ජනාධිපති තුවාලකරුවන්ගේ සුවදුක් විමසයි



ඉරානයේ ෂහීඩ් රාජායි වරායේ සිදුවුණු පිපිරීමෙන් තුවාල ලැබූවන්ගේ සුව දුක් විමසීමට ඉරාන ජනාධිපති මෙසූඩ් පෙසෙෂ්කියන් රෝහලට ගියේය.

පිපිරීම සිදුවූයේ දකුණු දිග ඉරානයේ, හෝර්මොස්ගාන් පළාතේ, බන්දාර් අබ්බාස් පළාතේ පිහිටි ෂහීද් රාජේ වරායේය. වරායේ සිදුවුණු එම පිපිරීමෙන් 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණු අතර, 1,000 ක් තුවාල ලැබූහ.

තුවාල ලැබූවන් සහ මියගිය ඉරාන වැසියන් වෙනුවෙන්, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ද සිය ශෝඛය පළ කර ඇත. පිපිරුමෙන් තුවාල ලැබූවන්ට ආධාර කිරීමට රුසියාව විශේෂ වෛද්‍ය කණ්ඩායම් රැගත් ගුවන් යානා ද ඉරානයට යැවූ බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS