ඊශ්‍රායල හමුදාවට නව ප්‍රධානියෙක්
ඊශ්‍රායලයේ නව හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් ඉයේල් සමීර් පත් කර ඇත. ඉයේල් සමීර්, මීට පෙර, ඊශ්‍රායල ආරක්ෂක අමත්‍යාංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබේ.
ඊශ්‍රායලයේ නව හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස, ඉයේල් සමීර් පත් කිරීම සිදුවූයේ එම ධුරයේ කටයුතු කරමින් සිටි ලුතිනන් ජනරාල් හර්සී එලෙවී පසුගිය ජනවාරියේ එම ධුරයෙන් ඉවත් වීමත් සමඟය.
හර්සී එලෙවී හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයෙක් ඉවත් වූයේ ඊශ්‍රායල හමාස් අර්බුදයට මැදිවුණු 2023 ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වුණු හමාස් ප්‍රහාරය මුල්කොට ගනිමින්, එම ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම ගැන කනස්සල්ලට පත් වෙමිනි.
(ඒ.එෆ්.පී.)