ට්‍රම්ප් මැදපෙරදිග සංචාරයකට සූදානම්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මැදපෙරදිග සංචාරයකට සූදානම් වෙයි. මෙය, ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්, සිය දෙවැනි ධුර කාලය ආරම්භ කිරීමෙන් පසු සිදු කරන පළමු විදෙස් සංචාරයයි. ජනාධිපතිවරයා සෞදි අරාබියේ, කටාර් රාජ්‍යයේ සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය.

මැදපෙරදිග කලාපය ඇමෙරිකාව විසින් හඳුන්වනු ලබන්නේ ‘පර්සියන් ගල්ෆ්’ කලාපය යනුවෙනි. ‘පර්සියන් ගල්ෆ්’ කලාපය එම 
නමින් ම හඳුන්වන්නැයි තමන් සෞදි, කටාර් සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලීමක් කරන බව ද ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් මෙම මැදපෙරදිග සංචාරයේ නියැළෙනු ඇත්තේ මැයි 13 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලයේය.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS