ඉරානයේ වරායක පිපිරීමක්
ඉරානයේ, ෂහීඩ් රාජායි වරායේ කන්ටේනර් අංගනයක පිපිරීමක් සිදුවිය. පිපිරීමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 500 ක් බව පැවැසෙයි.
පිපිරීමත් සමඟ ගින්නක් හටගත් අතර ගින්න පාලනයට ගිනි නිවන හමුදාවට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව ද පැවැසෙයි.
ටෙහෙරාන් අගනුවරට කිලෝමීටර් 1000 ක් දකුණින් පිහිටි ෂහීඩ් රාජායි වරාය පිහිටයි.
ඉරානයේ වඩාත්ම දියුණු බහාලුම් වරාය වන වන මෙය, හෝර්මොස්ගන් පළාතේ අගනුවර වන බන්ඩාර් අබ්බාස් සිට කිලෝමීටර් 23 ක් බටහිරින් ද, ලෝක තෙල් නිෂ්පාදනයෙන් පහෙන් එකක් ගමන් කරන හෝර්මුස් සමුද්‍ර සන්ධියට උතුරින් ද පිහිටා ඇත.
(එන්.ඩී.ටීවී.)