ඉරාන ඇමෙරිකා න්‍යෂ්ටික සාකච්ඡා නවතී



ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඉරානයත් ඇමෙරිකාවත් අතරේ න්‍යෂ්ටික සාකච්ඡා සිවුවැනි වටය රෝමයේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද එය මේ වනවිට අවලංගු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඇමෙරිකාවත් ඉරානයත් අතරේ න්‍යෂ්ටික සාකච්ඡා පැවැත්වීම සිදුවන්නේ, ඕමානයේ ද මැදිහත් වීමෙනි. පළමු වටයේ සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ ඕමානයේ මස්කට් අගනුවරදීය.

ඇමෙරිකාව ඉරානයට සම්බාධක පනවා ඇත්තේ ද ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි. ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටින වැඩසටහන යටතේ පරමාණු බෝම්බ නිපදවනවා යැයි ඇමෙරිකාව චෝදනා කරයි.

ඉරානයට සම්බාධක පනවා තිබියදී, ඉරානයෙන් තෙල් සහ ඖෂධ මිලදී ගන්නා රටවලට පසුගිය දා ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය අනතුරු ඇඟවීමක් කළේය. මෙය සිවුවැනි වරයේ සාකච්ඡා අවලංගු වීමට හේතුවක් වූ බව විදෙස් මාධ්‍ය පැහැදිලි කරයි.

(ඒ.එෆ්.පී)


RECOMMEND POSTS